කඳානේ රසායනික කර්මාන්ත ශාලා ගින්නේ දුම ආග්‍රාහණය වූ සිසුහු 102 ක් රෝහලට

කඳානේ රසායනික කර්මාන්ත ශාලා ගින්නේ දුම ආග්‍රාහණය වූ සිසුහු 102 ක් රෝහලට

කඳානේ රසායනික කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නේ දුම ආග්‍රාහණය වූ පාසල් සිසුන් පිරිසක් හදිසියේ රෝගී වී රාගම රෝහලට ඇතුළත් කළ බව රෝහල් ආරංචි මර්ග පවසයි.

පිරිසිදු කිරීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන මෙම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් එහි කළමනාකරුවකු මියගොස් ඇතැයි ද පොලිසිය කියයි.

ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

හුස්ම ගැනීමේ අපහසුව සහ උදරයේ කැක්කුම මෙම සිසුන්ගේ රෝගී ලක්ෂණ බව ද රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

ගින්නත් සමග පැතිරගිය දුමාරය ඒ ආසන්නයේ පැවැති පාසල් දෙකක සිසුනට ආග්‍රාහණය වී ඇති අතර මේ වන විට සිසු සිසුවියන් 102 කට අධික පිරිසක් රාගම රෝහලට ඇතුළත් කර ඇත.

ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව ද රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.