19 හැවිරිදි තරුණියක හා පෙමින් වෙළී සිටි 55 හැවිරිදි අයෙකුව පහර දී ඝාතනය කරලා!

19 හැවිරිදි තරුණියක හා පෙමින් වෙළී සිටි 55 හැවිරිදි අයෙකුව පහර දී ඝාතනය කරලා!

19 හැවිරිදි තරුණියක හා ප්‍රේම සම්බන්ධතාවයක් පැවැත්වූ 55 හැවිරිදි පුද්ගලයෙකුට චුන්නාකම් උඩුවිල් ප්‍රදේශයේ දී ගස් බැඳ පහර දී ඝාතනයකර තිබේ.

ඊයේ (07) දහවල් කාලයේ චුන්නාකම් පොලිස් වසමේ උඩුවිල් ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට ගස් බැඳ පහර දෙන බවට චුන්නාකම් පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් ගස් බැඳ පහර දෙමින් සිටි පුද්ගලයාව නිදහස් කරගෙන වහාම තෙලිප්පලෙයි රෝහලට ඇතුලත් කර ඇත. ප්‍රතිකාර ලබමින් සිටිය දී එම පුද්ගලයා මියගොස් තිබේ.

මියගොස් තිබුණේ 55 හැවිරිදි චුන්නාකම් ආරමුගන් වීදියේ පදිංචිකරුවෙකි.

විමර්ශන කටයුතු කරගෙන ගිය පොලිිසියට අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයා ප්‍රදේශයේ 19 හැවිරිදි තරුණියක සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවය.

මෙම 55 හැවිරිදි පුද්ගලයාට ගස් බැඳ පහර දී ඇත්තේ එම ප්‍රේම සම්බන්ධතාවයට උරණ වූ තරුණියගේ ඥාතීන්ය.

මෙම පුද්ගලයින් මියගිය තැනැත්තා හා පෙමින් බැඳී සිටි 19 හැවිරිදි තරුණියට ද පහර දීම නිසා ඇය ද තෙලිප්පලේ රෝහලට ඇතුළත් කර ඇත.

මෙම පහරදීම සම්බන්ධයෙන් පොලිසිය වයස අවුරුදු 23, 24, 38, 46 සහ 48 වයස්වල පසුවන එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් 06 දෙනෙක් අත් අඩංගුවට ගෙන ඇත.