පොලොන්නරුව කන්දකාඩු යුද හමුදා ගොවිපොළට අයත් ඉඩමක අලියෙක් මරා වළ දමලා

පොලොන්නරුව කන්දකාඩු යුද හමුදා ගොවිපොළට අයත් ඉඩමක අලියෙක් මරා වළ දමලා

පොලොන්නරුව කන්දකාඩු යුධ හමුදා ගොවිපොළ භූමියට අයත් ඉඩමක මරා වල දමා සිටි වන අලියෙක් සොයා ගත් බව සෝමාවතිය වනජීවී නිලධාරීහු සඳහන් කරයි.

මීට දින දෙකකට පෙර මරා දමා ඇති මෙම වන අලියා වළ දැමීමෙන් අනතුරුව මතුවන ශරීර කොටස් සැඟවීම සඳහා පස්වලින් වසා මයිල් කොළ අතුවලින් වසා තිබුණ බව සෝමාවතිය අඩවි සහකාර සී.ඒ. වනසිංහ මහතා පැවසීය.

පුද්ගලයෙකුගෙන් ලද තොරතුරක් අනුව එම වන අලියා මරා වළදමා ඇති ස්ථානයට ඊයේ (05) උදෑසන ගොස් සිදුකළ සොයා බැලීමක දී මෙම අපරාධය හෙළිදරව් වූ බව අඩවි සහකාරවරයා කීවේය.

මේ පිළිබඳ 05 වෙනිදා පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව වන අලියාගේ සිරුර ගොඩගෙන ගිරිතලේ වනජීවී පශු වෛද්‍යවරුන් විසින් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිත බවද වනසිංහ මහතා සඳහන් කළේය.