අට වැනි මහලෙන් ඇද වැටී එක්දරු මව මරුට

අට වැනි මහලෙන් ඇද වැටී එක්දරු මව මරුට

වැල්ලවත්ත පොලිස් වසමේ මහල් නිවාසයක අටවෙනි තට්ටුවෙන් බිමට ඇද වැටී කාන්තාවක මියගොස් ඇතැයි වැල්ලවත්ත පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ, කොළඹ 6 ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි එක්දරු මවකි.

ඊට පෙර දින ඇගේ සැමියා පෞද්ගලික කටයුත්තක් සඳහා යාපනය ප්‍රදේශයට පිටව ගොස් තිබූ බව පොලිසිය පවසයි.

සිද්ධිය වූ දින ඇයගේ පුතා නිවසේ පාඩම් කරමින් සිටිය දී, ඇය නිවසේ තිබූ පුටුවක් රැගෙන ගොඩනැගිල්ලේ 8 වන මහලට ගොස් එයින් පැන ඇති බවට සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.

මියගිය කාන්තාව මානසික රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු බවට ද කරුණු අනාවරණය වී ඇත.

මෘත ශරීරය කළුබෝවිල රෝහලේ තැන්පත් කර ඇති අතර, වැල්ලවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share This