පැමිණිල්ලක් විභාග කරමින් සිටීයදී කළුතර පොලිසිය තුල පුද්ගලයෙකු අද වැටී මරුට

පැමිණිල්ලක් විභාග කරමින් සිටීයදී කළුතර පොලිසිය තුල පුද්ගලයෙකු අද වැටී මරුට

කළුතර දකුණ පොලිසියේ සුළු පැමිණිලි අංශයේ පැමිණිල්ලක් විභාග කරමින් සිටීයදී පුද්ගලයකු හදිසියේ ඇදවැටී මියගොස් තිබේ.

මියගොස් ඇති තැනැත්තා ඉඩමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර ඇති අතර, පොලිසිය එය විභාග කරමින් සිටියදී හදිසියේ සිහිසුන්ව ඇති බවයි කළුතර දකුණ පොලිසිය පැවසුවේ .

1990 සුව සැරියෙන් කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට එම පුද්ගලයා යොමුකර ඇති අතර, රෝහල් ගතකිරීමේදී ඔහු මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ කළුතර දකුණ, සෙනවිරත්න පෙදෙසේ පදිංචිව සිටි ගජනායක මුදලිගේ නාලක තුෂාර නමැති පුද්ගලයකු බව පොලිසිය සඳහන් කරයි.

Share This