“මැංගුස් සටන” ගුටි කෙළියක් වී තිස්ස ක්‍රිකට් උප නායකයා දැඩි සත්කාර ඒකකයට

“මැංගුස් සටන” ගුටි කෙළියක් වී තිස්ස ක්‍රිකට් උප නායකයා දැඩි සත්කාර ඒකකයට

කළුතර තිස්ස ජාතික පාසල හා කළුතර මහා විද්‍යාලය අතර පැවැති මැංගුස් සටන අවසානයේදී ඇතිවූ ගැටුමකින් ක්‍රිකට් පිති ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලැබූ සිසුවෙකු රෝහල් ගතකර තිබේ.

පොලීසිය පැවසුවේ, කළුතර තිස්ස විදුහලේ ක්‍රිකට් කණ්ඩායමේ උප නායක හිරූෂ නෙත්සර සිල්වා නමැති සිසුවා මෙලෙස බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි.

තරගය අවසානයේ අවසන් පන්දුවාරයේදී කළුතර මහ විද්‍යාලය ජයග්‍රහණය ලැබීමත් සමඟම තරඟ නරඹමින් සිටි පරාජිත කළුතර තිස්ස ජාතික පාසලේ සිසුන් පිටිය මැද සවිකර තිබූ ක්‍රිකට් පොලු හතරක් ගලවා ගැනීමත් සමගම මෙම ගැටුම සිදු වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මග්ගොන සරේ ක්‍රීඩා පිටියේදී පාසල් දෙක අතර 13 වන වතාවට පැවති මෙම තරඟය නැරඹීම සඳහා දෙපිරිසේම 4000 පමණ පිරිසක් ක්‍රීඩාංගනයේ සිට ඇති බව විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබේ.

හිසට වැදුණු තදබල පහරක් හේතුවෙන් බරපතළ තුවාල ලද කළුතර තිස්ස ජාතික පාසලේ උපනායකයා මේ වන විට කළුතර නාගොඩ මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඔහු හිසෙහි විශේෂ ශල්‍යකර්මයකට භාජනය කිරීම සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කිරීමට නියමිත බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

එම ගැටුම සහ සිසුවාට පහරදීම සම්බන්ධයෙන් පයාගල පොලීසිය විශේෂ පරීක්ෂණයක් පවත්වයි.

 

Share This