කළුතර නිවසක කාන්තා මළ සිරුරු දෙකක්

කළුතර නිවසක කාන්තා මළ සිරුරු දෙකක්

කළුතර දකුණ – ඉසුරු උයන ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සැකකටයුතු ලෙස මියගිය කාන්තා මළ සිරුරු දෙකක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

අදාළ නිවසේ පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනෙකු දින කිහිපයක සිට නොමැති බවටත් එම නිවස ආසන්නයෙන් දැඩි දුර්ගන්ධයක් හමන බවටත් 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් කළුතර දකුණ පොලිස් ස්ථානයට පණිවුඩයක් ලැබී තිබිණි.

ඒ අනුව, ඊයේ (17) රාත්‍රී කාලයේ දී පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී නිවසේ දොරගුළු දමා තිබී ඇත.

පසුව ජනේලයකින් බැලීමේ දී කාන්තාවන් දෙදෙනෙකු බිම වැටී මියගොස් සිටින බවට නිරීක්ෂණය වී ඇත.

පොලීසිය සඳහන් කළේ, අවුරුදු 65ක් හා 79ක් වූ කාන්තාවන් දෙදෙනෙකු මෙලෙස මියගොස් ඇති බවට ග්‍රාම නිලධාරිවරයාගෙන් ලබාගත් තොරතුරු මත අනාවරණය වූ බවයි.

මෘත ශරීර පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්ෂණ හෙට (19) සිදුකිරීමට නියමිතව ඇත.