පැළ සිටුවීමේ නැකත අද

පැළ සිටුවීමේ නැකත අද

සිංහල හා හින්දු අලුත් අවුරුදු නැකත් චාරිත්‍රවල අවසන් චාරිත්‍රය වන පැළ සිටුවීමේ චාරිත්‍රය අදට (18) යෙදී තිබේ.

අද පූර්වභාග 10.16ට යෙදී ඇති සුබ නැකතින් රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැළසිටුවීම මැනවි බව අවුරුදු නැකැත් චාරිත්‍රයේ දැක්වේ.

නැකතට පැළයක් සිටුවීමේ ජාතික මහෝත්සවය කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රයේදී අද පෙරවරුවේ නියමිත නැකත් වෙලාවට අනුව පැවැත්වේ.

මේ අතර පැළ සිටුවීමේ චාරිත්‍රයට පැළයක් සිටුවන ලෙසට සියලු රජයේ කාර්යාල, අමාත්‍යාංශ, ගොවිජන සේවා ඇතුළු අංශ වෙත උපදෙස් ලබා දී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.