දේශබන්දු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණයෙන් නියෝගයක්

දේශබන්දු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණයෙන් නියෝගයක්

ගෝඨා ගෝ ගම අරගල භූමියට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීම හෝ සැකකරුවකු වශයෙන් නම් කිරීම වළකාලමින් අභියාචනාධිකරණය අද (24) අතුරු නියෝගයක් නිකුත් කළේය.

දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්.ඒ.ආර් මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම අතුරු නියෝගය නිකුත් කර තිබුණි

ඒ, අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි නීතිපතිවරයා පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ එහි ස්ථානාධිපතිට මැයි මස 10 වනදා අධිකරණයේ කරුණු දක්වන්නැයි දන්වා අධිකරණය විසින් නොතීසි ද නිකුත් කරනු ලැබීය.

 

Share This