කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට උණ්ඩයක් ගෙනියන්න හැදූ අයෙක් අත්අඩංගුවට

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට උණ්ඩයක් ගෙනියන්න හැදූ අයෙක් අත්අඩංගුවට

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය තුළට ත්‍රී ඕ ත්‍රී වර්ගයේ ගිනි අවි වලට යොදන ජීව උණ්ඩයක් රැගෙන යාමට උත්සාහ දැරූ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය පවසයි.

එම ජීව උණ්ඩය මිලි මීටර් 77 දිගැති එකක් බව පොලිසිය කියයි.

අධිකරණයේ නඩු කටයුතු සඳහා පැමිණෙන පුද්ගලයන් ප්‍රධාන ගේට්ටුවේ මුර පොළ අසල දී දැඩි පරීක්ෂාවට ලක් කරන අතර එහිදි සැකකරු සතුව තිබූ ගමන් මල්ල තුළ තිබී මෙම ජීව උණ්ඩය සොයාගෙන ඇත.

සැකකරුගෙන් ඒ සම්බන්ධයෙන් විමසීමේදී පැහැදිලි ප්‍රකාශයක් ලබා නොදුන් බවත් පොලිසිය පවසයි.

සැකකරු නඩුවක් සඳහා පෙනී සිටීම සඳහා අධිකරණයට පැමිණෙමින් සිට ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම ජීව උණ්ඩය අධිකරණය තුළට රැගෙන යාමට උත්සාහ දැරුවේ කුමක් සඳහා ද යන්න පැති කීපයක් ඔස්සේ පොලිසිය විමර්ශන පවත්වයි.

සැකකරු කැලණිය දිප්පිටිගොඩ පදිංචිකරුවෙකි.