සරත් ෆොන්සේකා ඇතුළු 9කට අධිකරණ නියෝගයක්

සරත් ෆොන්සේකා ඇතුළු 9කට අධිකරණ නියෝගයක්

අද කොළඹදී විරෝධතාවයක නිරතවන පාගොඩ විජිතවංශ ස්වාමීන්වහන්සේට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා ඇතුළු 09 දෙනකුට එරෙහිව කොළඹ මාලිගාකන්ද මහෙස්ත්‍රාත්වරයා විසින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව මහජනතාවට හිරිහැර වන අයුරින් ඩීන්ස් පාර ,කුලරත්න මාවත,ටී.බී ජයා මාවත සහ ටෙක්නිකල් හන්දිය යන ප්‍රදේශ වල විරෝධතා පා ගමනනේ යෙදිය නොහැක.

එම නියෝගය කඩ කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පොලිසියට අවසර දී ඇත.

Share This