යෝධ ග්‍රහකයක් අද පෘථිවිය අසලින් යයි

යෝධ ග්‍රහකයක් අද පෘථිවිය අසලින් යයි

තාරකා විද්‍යාඥයන් “2013 WV44” යන නමින් නම් කළ මීටර් 160 ක් පළල යෝධ ග්‍රහකය අද (28) පෘථිවිය අසලින් යෑමට නියමිතය.

ග්‍රහකයේ ගමන් මඟ දශමයකින් හෝ වෙනස් වුවහොත් එය පෘථිවියේ හැපීමට ඉඩ ඇතැයි නාසා ආයතනය පවසා තිබේ.

‘2013 WV44’ ග්‍රහකය සොයා ගැනීම සිදුවූයේ 2013 වසරේය. මෙය ගමන් කරන්නේ තත්ත්පරයට කිලෝ මීටර් 11.8 ක වේගයකිනි. මෙය පෘථිවිය පසු කර යනු ඇත්තේ පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 3.3 ක් දුරිනි.

මේ වන විට නාසා හි විශේෂඥයින් විසින් එම ග්‍රහකය ඉතා සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

බටහිර තාරකා විද්‍යාඥයන් ඉංග්‍රීසි බසින් ‘ඇස්ට්‍රොයිඩ්’ යනුවෙන් හැදින්වෙන ග්‍රහ වස්තු, ‘ග්‍රහක’ ලෙස සිංහලෙන් හැදින්වෙයි.

බොහෝ දෙනා මේවාට ‘ග්‍රාහක’ යැයි කියයි. ‘ග්‍රාහක’ යන වදනේ අදහස ‘ග්‍රහණය කර ගැනීම’ යන්නය. ‘ඇස්ට්‍රොයිඩ්’ යන වදන සිංහලෙන් ‘ග්‍රාහක’ නොව ‘ග්‍රහක’ විය යුතු යැයි බොහෝ විද්වතුන්ගේ මතය වි තිබේ.