ජුලී චන්ග් අධිකරණ ඇමති හමුවෙයි

ජුලී චන්ග් අධිකරණ ඇමති හමුවෙයි

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති ජුලි චන්ග් මහත්මිය අතර හමුවක් අධිකරණ අමාත්‍යාංශයේදී අද (08) පෙරවරුවේ පැවත්විණි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත, ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන කාර්යාල පනත් පිළිබදව අධිකරණ අමාත්‍යවරයා සහ ඇමරිකා තානාපතිනිය අතර අදහස් හුවමාරු කර ගනු ලැබීය.

මෙහිදී අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යවරයා කීවේ, අවශ්‍ය සංශෝධන සිදු කරමින් ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබෙන අතර ඒ පිළිබදව දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන නියෝජිතයින් සමග සාකච්ඡා කිරීමට හා විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයින් දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙන බවයි.

Share This