කොළඹ ප්‍රදේශ රැසකට හෙට පැය 14 ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ රැසකට හෙට පැය 14 ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ රැසකට හෙට (15) දිනයේ පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව, හෙට පෙරවරු 8.00 සිට එදින රාත්‍රි 10.00 දක්වා කොළඹ 1 සිට 4 සහ 7 සිට 15 දක්වා ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

මාළිගාකන්ද සහ එලිහවුස් ජල පරිශ්‍ර වෙත ජලය සපයනු ලබන පොම්පාගාරයේ විදුලි සැපයුම් පද්ධතියේ සිදුකරන නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවීම සිදුකරන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළේය.