දෙහිවල සත්ත්ව උද්‍යානයේ ජිරාෆ් මියයයි

දෙහිවල සත්ත්ව උද්‍යානයේ ජිරාෆ් මියයයි

දෙහිවල ජාතික සත්ත්ව උද්‍යානයේ සිටි ජිරාෆ් සත්ත්වයන් දෙදෙනාගෙන් එක් සතෙකු ඊයේ (07) පස්වරුවේ මියගොස් තිබේ.

මියයන විට එම ජිරාෆ්ගේ වයස අවුරුදු 30ක් පමණ වූ බව වාර්තා වෙයි.

එම සත්වයාගේ පාදයක ඇති වූ ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර කිරීම සඳහා නිර්වින්දනයට ලක් කර ඇති අතර පසුව යළි ප්‍රකෘති තත්ත්වයට පත් වී නැති බවයි, වාර්තා වන්නේ.

ප්‍රතිජීවක එන්නතක අසාත්මිකතාවයක් හේතුවෙන් එම සතා මිය ගොස් ඇති බවට තොරතුරු වාර්තා වන අතර ඒ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිතය.