ලෝක ක්‍රිකට් කමිටුවේ සභාපති ධුරය කුමාර් සංගක්කාරට

ලෝක ක්‍රිකට් කමිටුවේ සභාපති ධුරය කුමාර් සංගක්කාරට

එංගලන්තයේ Marylebone Cricket Club (MCC) ක්‍රීඩා සමාජයේ ලෝක ක්‍රිකට් කමිටුවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ක්‍රීඩක කුමාර් සංගක්කාර පත්කර තිබේ.

සංගක්කාර මහතා 2019 වසරේ මර්ලිබෝන් ක්‍රිකට් සමාජ ඉතිහාසයේ බ්‍රිතාන්‍ය ජාතිකයෙක් නොවන පළමු සභාපතිවරයා ලෙස පත්වෙමින් එම ධූරයේ ද කටයුතු කළේය.

මර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ ලෝක ක්‍රිකට් කමිටුවේ සාමාජිකත්වය දැරූ සංගක්කාර මහතා එංගලන්ත හිටපු නායකයෙක් වන මයික් ගැටිං මහතාගෙන් පසුව එම කමිටුවේ සභාපතිවරයා කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

මෙම කමිටුව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සහ එහි සාමාජික රටවලට උපදේශන කමිටුවක් ලෙස කටයුතු කරන අතර ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින ප්‍රශ්න සාකච්ඡා කිරීම සඳහා වසරකට දෙවරක් රැස්වේ.

එම කමිටුවට කුමාර් ධර්මසේන, සෞරව් ගංගුලි, ජුලන් ගොස්වාමි, හෙදර් නයිට්, සුසී බේට්ස්, ක්ලෙයාර් කොනර්, ජස්ටින් ලැන්ගර්, ඉයන් මෝගන්, රමීස් රාජා, ග්‍රේම් ස්මිත් සහ රිකී ස්කෙරිට් ඇතුළත් වේ.

Share This