web hit counter
ජෙරම් ප්‍රනාන්දු අත්අඩංගුවට නොගන්නැයි නියෝගයක්

ජෙරම් ප්‍රනාන්දු අත්අඩංගුවට නොගන්නැයි නියෝගයක්

දේවගැති ජෙරම් ප්‍රනාන්දු මෙරටට පැමිණෙන අවස්ථාවේදී ගුවන් තොටුපොළේදී ඔහුව අත්අඩංගුවට නොගන්නැයි අභියාචනාධිකරණය අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.

ජෙරම් ප්‍රනාන්දු ලංකාවට පැමිණ පැය 48කදී ප්‍රකාශයක් ලබා ගන්නැයි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යා අංශයට නියෝග කළ අතර ඉන් අනතුරුව පවතින නීතිය යටතේ දේවගැතිවරයාට එරෙහිව කටයුතු කරන්නැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )