රු. බිලියන 1.3ක නීතිවිරෝධී සිගරට් තොගයක් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

රු. බිලියන 1.3ක නීතිවිරෝධී සිගරට් තොගයක් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

රුපියල් මිලියන 1,300 කට වඩා වැඩි වෙළදපොළ වටිනාකමක් ඇති, රජයේ රෑපමය අවවාද සටහන් කර නොමැති, තිරුබදු නොගෙවා නීතිවිරෝධී ලෙස මෙරටට අනායනය කරන ලද, SHAMLAN (ෂම්ලන්) වර්ගයේ දුම්වැටි 10,420,000 (එක්කෝටි හාරලක්ෂ විසිදාහක්) තොගයක් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ..

විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් කැළණිතිස්ස විදුලිබලාගාරයේ ඉදිරිපිට මාර්ගයේදී සිදුකළ වැටළීමකදී මෙම නීතිවිරෝධී දුම්වැටි තොගය සොයාගෙන තිබේ.

මත්කුඩු ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ විශේෂ කාර්ය බළකාය විසින් ග්‍රෑන්ඩ්පාස්, කැලණිතිස්ස විදුලි බලාගාරය අසලදී කන්ටේනරය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දුම්වැටි පටවාගත් කන්ටේනරය එම අවස්ථාවේ ඔරුගොඩවත්ත කන්ටේනර් අංගනය වෙත යමින් තිබූ බවයි පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.

මෙම දුම්වැටි තොගය සමග එය ප්‍රවාහනය කිරීමට යොදාගත් අංක WPLY 4822 දරණ කෙන්ටේනර් රථය සහ මාකොළ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 65ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.