විදෙස් රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට සුබ පණිවිඩයක්

විදෙස් රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට සුබ පණිවිඩයක්

දිවයිනේ ප්‍රදේශ තුනක විදෙස් රැකියා පුහුණු මධ්‍යස්ථාන පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

විදේශ රැකියා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ අදාළ යෝජනාවට අනුව විදෙස් රැකියා අපේක්ෂකයින් සඳහා කඩිනම් මෙන්ම ගමනාන්ත රට ඉලක්ක කරගත් විශේෂිත පුහුණු වැඩසටහන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පවත්වනු ලබන බව පැවසේ.

මේ වනවිට දිවයින පුරා කුලී පදනමින් ලබාගෙන ඇති ගොඩනැගිලි වල අවම පහසුකම් යටතේ මෙම පුහුණු වැඩසටහන් පවත්වාගෙන යනු ලබනවා.

ඒ අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයටම අයත්වන පරිදි පුහුණු මධ්‍යස්ථාන යාපනය, හෝමාගම සහ අම්පාර යන ප්‍රදේශවල ස්ථාපිත කිරීමට අමාත්‍යවරයා යෝජනා කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.