අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් STF අත්අඩංගුවට

අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් STF අත්අඩංගුවට

හෝමාගම ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකට සහ අතුරුගිරිය ප්‍රදේශයේ සිදුවූ අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටි “අතුරුගිරියේ ජෙරම්” නමැත්තා විශේෂ කාර්ය බළකාය මඟින් අතුරුගිරිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වූ අංගොඩ ලොක්කාගේ ප්‍රධාන ගෝලයෙකු බව ද විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පවසයි.

අතුරුගිරිය නගරයේ රැදි සිටින බවට විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව ඊයේ (05) පස්වරුවේ මොහු අතුරුගිරිය මිලේනියම් සිටි ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

මොහු සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අතර අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර සිටි සැකකරුවෙකු බව ද සඳහන්ය.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා අතුරුගිරිය පොලීසියට බාර දී ඇත.

Share This