කාන්තාවන් ලෙස සැරසී පැමිණි පිරිසක් යාපනයේ ගෙයක් කුඩු කරලා

කාන්තාවන් ලෙස සැරසී පැමිණි පිරිසක් යාපනයේ ගෙයක් කුඩු කරලා

කාන්තා ඇදුම් පැළද වෙස් වලා ගනිමින් යතුරු පැදි වලින් පැමිණි හය දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යාපනයේ කල්වියන්කාඩු ප්‍රදේශයේ නිවසකට ඊයේ (15 ) ප්‍රහාරයක් එල්ල කර තිබේ.

මෙම ප්‍රහාරයෙන් නිවසට දැඩි අලාභ හානි සිදුව ඇති අතර ප්‍රහාරයට පැමිණි පිරිස ආපසු යන අතරවාරයේ නිවසේ සාලයේ නවතා තිබූ යතුරු පැදි දෙකකටද සිසුවෙකුගේ පොත් බෑගයකටද ගිනි තබා ඇත.

ඒවා මදක් පිළිස්සී ගොස් ඇති අතර අවට පිරිස් පැමිණ ගින්න නිවා දමා තිබේ.

සිසුවාගේ පොත් බෑගයට ගිනි තබා ඊට ගිනි ඇවිලීමෙන් පසුව විනාශ කරණ ලද ජනේලයකින් ඇතුළට එම ගිනි ගත් පොත් බෑගය වීසි කිරීම නිසා ගින්න හට ගෙන ඇති බව සී.සී.ටීවී දර්ශන වලින් පොලීසියට සනාථ වී තිබේ.

ප්‍රහාරයට පැමිණි පිරිස යතුරු පැදි තුනකින් පැමිණෙන ආකාරය ද එම කැමරා දර්ශනවල ඇතුළත්ව තිබේ.

කෝපායී පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ මෙහෙයවයි.

Share This