IMF කණ්ඩායමක් සැප්තැම්බරයේ දිවයිනට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් කණ්ඩායමක් සැප්තැම්බර් 14 වැනිදා සිට 27 වැනිද දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස මෙරටට පැමිණෙන්නේ ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීරණ ණය අරමුදලේ පළමු සමාලෝචනය සඳහා බවයි, එහි ප්‍රකාශකයෙකු පැවසුවේ
පසුගිය මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව සඳහා ඩොලර් බිලියන 3 කට ආසන්න ණය මුදලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කළේය.