ඉසුරුපාය ඉදිරිපිට විදුහල්පති වර්ජනයක්

ඉසුරුපාය ඉදිරිපිට විදුහල්පති වර්ජනයක්

‘අභිමානවත් විදුහල්පති සේවාවක් ගොඩනැගීම වෙනුවෙන් සැවොම එක්වෙමු’ යන තේමාව යටතේ විදුහල්පති සේවා සංගමය බත්තරමුල්ල, ඉසුරුපාය ඉදිරිපිට අද (12) පස්වරුවේ විරෝධතාවක් පැවැත්වීය.

උසස් වීම්, වැටුප් විෂමතා ගැටලුව, මාණ්ඩලික සේවයේ දීමනා ගැටලුව, දරුවන්ගේ පාසල් උපකරණ මිල ඉහළ යෑමේ ගැටලුව සහ පාසල් වලින් මව්පියන්ගේ මුදල් එකතු කිරීමේ ගැටලුව ආදියට මෙහිදී විරෝධය දැක්වීය.