ඇෆ්ගනිස්තානයට එරෙහි ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය මෙන්න

ඇෆ්ගනිස්තානයට එරෙහි ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය මෙන්න

ඇෆ්ගනිස්තානයට එරෙහිව ලබන 17 වැනිදා ආරම්භ වන තරග තුනකින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා 16 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා විස්සයි 20 සංචිතය නම්කර තිබේ.

මෙම සංචිතය සඳහා දුෂ්මන්ත චමීර තෝරාගෙන තිබූ නමුත් එක්දින තරගාවලියේදී ඇතිවූ ආබාධ තත්ත්වය හේතුවෙන් ඔහු වෙනුවට සංචිතයට බිනුර ප්‍රනාන්දු කැඳවා ඇත.

ආබාධයකට ලක්ව සිටි වමතින් වේග පන්දු යවන බිනුර, 2022 වසරේ ඔක්තෝබර් මාසයෙන් පසුව විස්සයි 20 ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කර නැත.

මෙම විස්සයි 20 තරග තුන මේ මස 17, 19 සහ 21 යන දිනවල රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය …

වනිඳු හසරංග (නායක)
චරිත් අසලංක (උප නායක)
පැතුම් නිස්සංක
කුසල් මෙන්ඩිස්
ධනංජය ද සිල්වා
කුසල් ජනිත් පෙරේරා
ඇන්ජලෝ මැතිව්ස්
දසුන් ශානක
මහීෂ් තීක්ෂණ
බිනුර ප්‍රනාන්දු
මතීෂ පතිරණ
ඩිල්ශාන් මදුශංක
නුවන් තුෂාර
අකිල ධනංජය
කමිඳු මෙන්ඩිස්
සදීර සමරවික්‍රම