කොත්මලා ඔයේ තිබී කාන්තා මල සිරුරක් සොයා ගැනේ

කොත්මලා ඔයේ තිබී කාන්තා මල සිරුරක් සොයා ගැනේ

ඉහල කොත්මලේ ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කොත්මලා ඔයේ තිබී හදුනා නොගත් කාන්තා මල සිරුරක් අද (12) දින හමු වු බව ලිදුල පොලිසිය පැවසිය.

කොත්මලාඔයේ නාදුනන කාන්තා මල සිරුරක් පාවෙමින් තිබෙන බවට ප්‍රදේශවාසින් විසින් ලබාදුන් තොරතුරක් මත සිරුර සොයාගත් බවයි, ලිදුල පොලිසිය කියා සිටියේ.

අවු 45 පමණ වයසැති මියගොස් සිටි කාන්තාව රතු පාට හැට්ටයක් සහ කළු පාට සායක් ඇද සිට ඇති අතර කොත්මලාඔයේ අගරකන්ද ප්‍රදේශයේ තිබී මෙම සිරුර සොයාගෙන තිබේ.

සිරුර සම්බන්ධයෙන් නුවරඑලිය මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව ලිදුල පොලිසිය පැවසිය.

Share This