ඉරාන ජනපති ඉල්ලීමට කෘෂිකර්ම ඇමති ඉරානයට

ඉරාන ජනපති ඉල්ලීමට කෘෂිකර්ම ඇමති ඉරානයට

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉරානයේ නිල සංචාරයක් සඳහා අද (26) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.

ඉරානයේ ‌ටෙහෙරාන් නුවර පැවැත්වෙන EXPO ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කෘෂිකර්ම අමාත්‍යවරයා සහභාගී වන අතර ඉරාන කෘෂිකර්ම අමාත්‍ය Mohammad Ali Nikbakht මහතා හමුවී සාකච්ඡා කිරීමට ද නියමිතව තිබේ.

ඉරානයේ පැවැත්වෙන EXPO ප්‍රදර්ශනයට සහභාගී නොවීමට කලින් තීරණය කර තිබුණත් ඉරාන ජනාධිපතිවරයා මෙරටදී තමාගෙන් කළ ඉල්ලීමකට අනුව අදාල ප්‍රදර්ශනයට සහභාගී වීමට තීරණය කළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ඉරානයේ දී එරට කෘෂිකර්ම අමාත්‍ය Mohammad Ali Nikbakht මහතා හමුවී කරන සාකච්ඡාවේ දී නව කෘෂි තාක්ෂණික හුවමාරුව සම්බන්ධව සාකච්ඡා කිරීමට අදහස් කරන බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Share This