මිනිස් රුවට සමාන එළු පැටියෙක් බිහි වෙයි

මිනිස් රුවට සමාන එළු පැටියෙක් බිහි වෙයි

දෙනියාය, විහාරහේන, සෙල්වකන්ද නිවසක ඇතිකරන එලිච්චියක විසින් අද (26) අළුයම 4.00 ට පමණ මිනිස් සිරුරකට සමාන පැටියෙක් බිහිකර ඇත.

පැටියා බිහිවී පැය භාගයකට පමණ පසුව මියගිය බව නිවැසියන් පවසයි.

සෙල්වකන්ද හී පදිංචි අසන්තකුමාර් නැමැති අය විසින් ඇති කරන එළු ජෝඩුවේ එලිච්චිය මෙම පැටියා බිහිකර තිබුණි.

අයිතිකරු වන අසන්තකුමාර් කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතවන අතර ඔහු මෙම අවස්ථාවේ නිවසේ සිට නැත.

Share This