තම 12 හැවිරිදි දියණියට සහ ඇගේ 11 හැවිරිදි මිතුරියට අතවර කල පියා අත්අඩංගුවට

තම 12 හැවිරිදි දියණියට සහ ඇගේ 11 හැවිරිදි මිතුරියට අතවර කල පියා අත්අඩංගුවට

තම දොළොස් හැවිරිදි දියණියට හා ඇයගේ 11 හැවිරිදි මිතුරියකට ලිංගික අතවර කළ බව කියන පියෙකු වැල්ලවාය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්වාසීන් විසින් සිදුකළ දැනුම්දීමක් මත පොලීසිය විසින් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව අදාළ සැකකාර පියා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලවාය ප්‍රදේශයේම පදිංචි අවුරුදු 50ක පුද්ගලයෙකු වන අතර සැකකරුව වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.