කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පරදියි

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පරදියි

පසුගිය ‍19 වැනිදා විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (21) පාර්ලිමේන්තුවේදී පරාජයට පත් විය.

ඒ අනුව විශ්වාසභංග යෝජනාවට අදාල විවාදය පසුගිය 19, 20 සහ අද (21) දිනය පුරා පැවති අතර විවාදය අවසානයේ පස්වරු 4.30ට පමණ පැවති ඡන්ද විමසීමේදී යෝජනාවට විරුද්ධව ඡන්ද 117 ක් හිමිවූ අතර පක්ෂව හිමිවූයේ ඡන්ද 75 ක් පමණි.

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 42 කින් පරාජය වූ අතර ඉන් අනතුරුව කථානායකවරයා විසින් ප්‍රකාශයක් සිදු කරන ලදි.