ලොව විශාලතම ඇනකොන්ඩා ඇමේසන් වලින් හමුවෙයි

ලොව විශාලතම ඇනකොන්ඩා ඇමේසන් වලින් හමුවෙයි

අඩි 26ක් දිග සහ ‘මිනිස් ප්‍රමාණයේ’ හිසක් සහිත ලොව විශාලතම ඇනකොන්ඩා සර්පයා ඇමේසන් වලින් හමුවී තිබේ.

මෙම විශාල ඇනකොන්ඩා අඩි 26ක් දිග, රාත්තල් 440ක් බරින් යුක්ත වන අතර උගේ හිස මිනිසෙකුගේ ප්‍රමාණයට සමාන වන බව සඳහන් වේ.

ඇනකොන්ඩාව සොයාගෙන ඇත්තේ, රූපවාහිනී වනජීවී නිවේදක නෙදර්ලන්ත ජාතික මහාචාර්ය ෆ්‍රීක් වොන්ක් විසින්.

මේ වන තෙක් ඇමසන්වල හඳුනාගෙන ඇත්තේ හරිත ඇනකොන්ඩා විශේෂයක් පමණයි.

පර්යේෂකයන් විසින් නව විශේෂයට ලතින් නම Eunectes akayima ලබා දී තිබෙනවා. එහි අර්ථය වන්නේ උතුරු හරිත ඇනකොන්ඩා.