රාජ්‍ය රහස් ප්‍රසිද්ධ කලැයි ඉම්රාන්ට අධි චෝදනා

රාජ්‍ය රහස් ප්‍රසිද්ධ කලැයි ඉම්රාන්ට අධි චෝදනා

රාජ්‍ය රහස් ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට අධි චෝදනා ගොනු කෙරුණු බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඉම්රාන් ඛාන් පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවූයේ 2018 වසරේ සිට පසුගිය 2022 අප්‍රේල් මාසය තෙක් ය.

ඔහුට එරෙහිව විපක්ෂය ගෙනා විශ්වාසභංගයෙන් පරාජය වීමත් සමග ඉම්රාන්ට අග්‍රාමාත්‍ය ධුරය අහිමි විය.

තමන් ධුරයෙන් ඉවත් කිරීමට විපක්ෂ දේශපාලන කණ්ඩායම් ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ කුමන්ත්‍රණය කළේ යැයි ඉම්රාන් චෝදනා නගා තිබේ.

ඒ, ඇමෙරිකා රජය සහ පාකිස්තාන රජය අතරේ හුවමාරු වුණු රහාස්‍ය රාජ්‍ය තාන්ත්‍රික ලිපියක් ද ප්‍රසිද්ධියට පත් කරමිනි.

ඉම්රාන්ට අධිචෝදනා ගොනු කිරීම සිදුවී ඇත්තේ මෙම සිද්ධිය මුල්කොට ගනිමිනි.

Share This