ජපානයට රිච්ටර් මාපක 6 ක භූමිකම්පාවක්

ජපානයට රිච්ටර් මාපක 6 ක භූමිකම්පාවක්

ජපානයේ හොන්ෂු හි නැගෙනහිර වෙරළට ඔබ්බෙන් රිච්ටර් මාපක 6 ක භූමිකම්පාවක් ඇති වූ බව යුරෝපීය-මධ්‍යධරණි භූ කම්පන මධ්‍යස්ථානය පවසනවා.

එම භූ කම්පනය, භූ කම්පන ලක්ෂයේ සිට කිලෝමීටර් 32ක් ගැඹුරින් ඇති වූ බවයි යුරෝපීය-මධ්‍යධරණි භූ කම්පන මධ්‍යස්ථානය පවසන්නේ.

භූමිකම්පාවෙන් පසු හානි හෝ තුවාල පිළිබඳ තොරතුරු මේ වන විට වාර්තා නොවන අතර විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, එය ටෝකියෝවට ද දැනුණු බවයි.

 

Share This