නුවරඑළිය දිස්ත්‍රික්කයේ රෝහල් 26ක ගිලන් රථ 42කට GPS තාක්ෂණය

නුවරඑළිය දිස්ත්‍රික්කයේ රෝහල් 26ක ගිලන් රථ 42කට GPS තාක්ෂණය

නුවරඑලිය දිස්ත්‍රික්කය තුළ පිහිටි මුලික රෝහල් දෙකක් සහ ප්‍රාදේශිය රෝහල් 24 ක තිබෙන ගිලන් රථ 42 ක ජි.පි.එස් තාක්ෂණය සවි කිරීමට පියවර ගත් බව නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය නිශ්ශංක විජේවර්ධන මහතා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය සහිතව දිවයිනේ ප්‍රථම වරට නියමු ව්‍යාපෘතියක් වශයෙන් නුවරඑලිය දිස්ත්‍රික්කය තුළ පිහිටි මුලික රෝහල් දෙකක සහ ප්‍රාදේශිය රෝහල් 24 ක දැනට සේවයට යොදවා ඇති ගිලන් රථවල ජි.පි.එස් තාක්ෂණය සවි කිරිමේ කටයුතු ආරම්භ කර ඇති බවත්, එම ගිලන් රථ තිබෙන ස්ථාන තම කාර්යාලය මගින් අධික්ෂණය කිරීමට පියවර ගෙන ඇති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පැවසිය.

රෝගීන් වෙනත් රෝහල්වලට රැගෙන යාමෙන් පසු ආපසු එම ගිලන් රථය රෝහලට පැමිණිමේදි සිදුවන ප්‍රමාදයන් අවම කිරිමටත් , හදිසි අවශ්‍යතාවයකදි වෙනත් රෝහල්වලට ගිලන් රථයක් අවශ්‍ය වු විට එම රෝහලේ වෛද්‍යවරයෙකු විසින් තම කාර්යාලයේ ස්ථාපනය කර ඇති දුරකථන අංකයට ඇමතුමක් ලබාගෙන ගිලන් රථයක් ලබා ගැනීමට අවස්ථාව ලබා ගැනීමටත් මින් හැකිවන බවත් , මීට ප්‍රථම හදිසි අවශ්‍යතාවයකදි ගිලන් රථයක් ලබා ගැනීමට වෛද්‍යවරුන්ට දිස්ත්‍රික්කය තුළ පිහිටි ගිලන් රථ තිබෙන සෑම රෝහලකටම ඇමතුම් ලබා ගැනිමට සිදු වු බවත් අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේය.