පුත්තලමේ විහාරස්ථානයක හිමිවරු දෙනමකට අමානුෂික පහරදීමක්

පුත්තලමේ විහාරස්ථානයක හිමිවරු දෙනමකට අමානුෂික පහරදීමක්

පුත්තලමේ විහාරස්ථානයක ආරම්භයේ සිට වැඩ වාසය කළ හිමිනමකට හා තවත් හිමිනමකට දායක සභාවේ පිරිසක් විසින් අමානුෂිකව පහර දීමෙන් බරපතල තුවාල හා අස්ථි බිදීමකට ලක්ව පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.

මෙම විහාරස්ථානය වසරකට පෙර ආරම්භ කර ඇති අතර එහි ආරම්භයේ සිට යම් යම් හිරිහැර මැද මෙම භික්ෂුන්වහන්සේලා එහි වැඩවාසය කර ඇතැයි පැවසේ.

දායක සභාවේ පිරිසක් අතර දිගින් දිගටම ඇතිව තිබු ආරවුලක් මත මෙම අමානුෂික පහර දීම සිදුව ඇති බව කියයි.

මෙම ආරවුල හේතුවෙන් පසුගිය දිනවල මෙම හිමියන් හම්බන්තොට ගොස් නැවත විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදි එම හිමියන් රැදි සිටි ගොඩනැගිල්ලේ දොර අගුලු කඩා උන් වහන්සේට අයත් දෑ සොරකම් කර තිබු බව කියයි.

ඉන් පසුව ඒ බව පුත්තලම මුලස්ථාන පොලිසියට ගොස් පැමිණිලි කර නැවත මෙම විහාරස්ථානයට පැමිණ සිටියදී කඩා වැදුණ දායක සභාවේ පියකු හා පුතෙකු ඇතුළු පිරිසක් ඉතා අමානුෂීක ලෙස පහර දී සිවුරු ගලවා දමා ඇති බව කියයි.

මෙම පහර දීමට සම්බන්ධ හය දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

Share This