15000 ක නරඹන්නන්ගේ ප්‍රීතිය විනාස කරමින් පුත්තලමේ යතුරු පැදි තරගාවලිය ගුටි කෙළියකින් නිමවෙයි

15000 ක නරඹන්නන්ගේ ප්‍රීතිය විනාස කරමින් පුත්තලමේ යතුරු පැදි තරගාවලිය ගුටි කෙළියකින් නිමවෙයි

පුත්තලම ඉජීතුමා ක්‍රීඩාංගනයේ පැවති යතුරු පැදි ධාවන තරග අතරතුරදී තරුණයින් පිරිසක් ගුටි බැට හුවමාරුවක් ඇති කර ගැනිමත් සමග ඒ වන විටත් පැවැත්විමට සුදානම් කර තිබු අනෙක් තරග සියල්ල නවතා දැමිමට සංවිධායකයින් කටයුතු කර තිබුණි.

ඒ හේතුවෙන්, ඉජීතුමා ක්‍රීඩාංගනය තුළ යතුරු පැදි ඇතුළු තරග ඉසව් නැරඹිමට පැමින සිටි 15000 කට වැඩි පිරිසක් මහත් කනස්සල්ලෙන් ආපසු යාමට සිදුවු බව සංවිධායකයින් පවසයි.

වසර 5 කට පසු රාමසාන් උත්සවය සමරමින් මෙම යතුරු පැදි හා පාපැදි හා තිරික්කල් තරග සංවිධානය කර තිබු අතර එහිදි නරඹන්නන් මෙම ධාවන තරග බලමින් මහත් සතුටට පත්ව සිටියදී කිසියම් සිද්දියක් මුල් කරගනිමින් තරගාවලියට බාධා වන ලෙස ධාවන පථය මැදට කඩා වැදුන තරුණයින් විශාල පිරිසක් එක දිගට ගුටි ඇණ ගෙන තිබුණි.

එය නවතා දැමිමට කිසිවකුටත් නොහැකි වී ඇති අතර ඒ වන විටත් ධාවන පථය මැදට 1000 කට වැඩි තරුණයින් පිරිසක් කඩා වැදී තිබේ.

මෙම ධාවන තරග සදහා පොලිස් හෝ වෙනත් ආරක්ෂක අංශයක ආරක්ෂාවක් සංවිධායකයින් ඉල්ලා නොතිබු බවද කියයි.

කළහාකාරි ලෙස හැසිරුණ තරුණ පිරිස පාලනය කර ගැනිමට නොහැකි විම හේතුවෙන් ධාවන තරග නවතා ඉතිරි තරග ඉසව් අවලංගු කිරීමට සංවිධායකයින් කටයුතු කර තිබුණි.

මෙම ධාවන තරග සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් මහතා විසින් සංවිධානය කර තිබු අතර පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි. හේරත් මහතා මන්ත්‍රිවරයාගේ ආරාධනාවෙන් තරග නැරඹිමට පැමින තිබුණි.

එම දෙදෙනා ප්‍රධාන වේදිකාවේ සිටියදී මෙසේ තරුණයින් ගුටි කෙළියක නිරත විම දැක ගත හැකි විනි.

Share This