මන්නා රමේෂ්ගේ නිවසින් සැක බඩු සොයා ගනී.

මන්නා රමේෂ්ගේ නිවසින් සැක බඩු සොයා ගනී.

ඩුබායි රාජයේ සිට මෙරට රට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවකු වන මන්නා රමේෂ් නමැත්තාගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සහ යතුරුපැදියක් සොයා ගැනීමට හැකිවූ බව බස්නාහිර පළාතේ දකුණු දිශාව අපරාධ කොට්ඨාසය පවසයි.

එම දේපළ සොයාගැනීමට හැකි වී ඇත්තේ, අවිස්සාවේල්ල යාලගම නාපාවෙල ඔහුගේ නිවසේ සඟවා තිබියදීය.

අත් බෝම්බය නිවස තුළ වළ දමා තිබියදී හොයාගෙන ඇති අතර යතුරුපැදිය සොයාගෙන ඇත්තේ, නිවස පිටුපස සඟවා තිබියදීය.

බස්නාහිර පළාත් දකුණ දිශාව අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී ජනක කුමාර මහතාගේ අස්සනින් යුතුව ත්‍රස්තවාදය වැළැක්වීමේ 7/1 පනත යටතේ පැය 72 ක කාලයක් සැකකරු අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා කටයුතු කරන බව පොලිසිය පැවසීය.

අනතුරුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 9/1 වගන්තිය ප්‍රකාරව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය මත දින අනුවක රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතය.

Share This