ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝක කුසලාන ජයග්‍රහණයට අදට වසර 28යි

ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝක කුසලාන ජයග්‍රහණයට අදට වසර 28යි

1996 වසරේ පැවති එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේදී ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කර අද (17) දිනට වසර 28ක් සම්පූර්ණ වනවා.

පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැති එම අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව සුදුසුකම් ලැබීය.

අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් තරග කළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ සෙසු ක්‍රීඩකයින් අතරට අරවින්ද ද සිල්වා සනත් ජයසූරිය රොමේෂ් කලුවිතාරණ අසංක ගුරුසිංහ රොෂාන් මහානාම හෂාන් තිලකරත්න කුමාර ධර්මසේන මුත්තයියා මුරලිදරන් සහ චමින්ද වාස් ද ඇතුළත්ය .

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග පළමුව පන්දු යැවීමට තීරණය කළේ සිය ජයග්‍රහණය පිළිබඳ ඉහළ විශ්වාසයක් තබාගනිමිනි.

ශ්‍රී ලංකා ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 241කි.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් මාර්ක් ටේලර් ලකුණු 74ක් සහ රිකී පොන්ටින් ලකුණු 45ක් රැස් කළහ.

අර්ජුන රණතුංග ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමඉතිහාස පොතට අලුත් පිටුවක් එක් කළේ ඔස්ට්‍රේලියාවට එරෙහිව අවසන් තරගය කඩුලු හතකින් ජය ගනිමිනි.

සත්කාරක රටක් ලෝක කුසලානය දිනාගත් පළමු අවස්ථාව මෙය වේ.

The 1996 World Cup in numbers - Sportstar

The lion's fairy tale

Share This