ගණේමුල්ලේ දී පොලිස් වෙඩි පහරකින් අපරාධ කල්ලි සාමාජිකයෙක් ජීවිතක්ෂයට

ගණේමුල්ලේ දී පොලිස් වෙඩි පහරකින් අපරාධ කල්ලි සාමාජිකයෙක් ජීවිතක්ෂයට

ගණේමුල්ල ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිස් විශේෂ කාර්යය බළකා ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (20) රාත්‍රීයේ ගණේමුල්ල සුමේධ මාවත ප්‍රදේශයේ, නිවසක් වටලා පරීක්ෂාවක් සිදුකර ඇති බවයි පොලීසිය පැවසුවේය.

එම අවස්ථාවේ සැකකරු විසින් විශේෂ කාර්යය බළකා සාමාජිකයින් වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග දෙපාර්ශවය අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබේ.

එහිදී සැකකරු සහ විශේෂ කාර්යය බළකා නිලධාරියෙකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර වෙඩි වැදුණු සැකකරු මියගොස් ඇති බවයි පොලීසිය පැවසුවේය.

මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු විසි අටක් වයස ඇති ඇහැලියගොඩ මුළු ගහපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ජා ඇල දඬුගම ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ කාර්ය බලකායෙන් නිලධාරීන් ගිය අවස්ථාවේදී සැකකරු විසින් පොලිසියට වෙඩි තබා ඇතැයි පොලිසිය පවසයි.

පොලීසිය හා පාතාල සාමාජිකයෙක් අතර වෙඩි හුවමාරුවක්