විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නි. පොලිස්පති රවී විද්‍යාලංකාරට වරෙන්තු

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නි. පොලිස්පති රවී විද්‍යාලංකාරට වරෙන්තු

සාක්ෂි දීමට පැමිණෙන ලෙසට යොමු කරන ලද සිතාසි භාරගෙන සිටියදීත් අධිකරණය හමුවේ පෙනී නොසිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විද්‍යාලංකාර වහා ම අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඊයේ (03) වරෙන්තු නිකුත් කළේය.

මූල්‍ය අපරාධය සම්බන්ධයෙන් විත්තිකරුවකුට එරෙහිව පවරා ඇති නඩුවක පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දීමට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දන්වා ලබා දුන් සිතාසි නියෝගය භාර ගෙන තිබියදීත් අධිකරණය හමුවේ ඉදිරිපත් නොවීම සම්බන්ධයෙන් මෙලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට වරෙන්තු නිකුත් කර තිබේ.