දක්ෂිණ අධිවේගයේ ගාල්ල – මාකුඹුර බස් රථ සේවකයින් අකුරට වැඩ

දක්ෂිණ අධිවේගයේ ගාල්ල – මාකුඹුර බස් රථ සේවකයින් අකුරට වැඩ

අද(11) දිනයේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට ගාල්ල – මාකුඹුර , දක්ෂිණ අධිවේගී මාර්ග බස් රථ සේවක සංගමය පියවර ගෙන තිබේ.

පවතින කාලසටහනට විරෝධය පලකරමින් මෙම ක්‍රියාමාර්ගයට එළැඹුණ බවයි, එහි ලේකම් නිලංග සඳරුවන් මහතා පැවසුවේ.

මෙම කාලසටහන සංශෝධනය කිරීමට බලධාරින් පියවර නොගත්තොත් ලබන 18 වනදා සිට ගාල්ලෙන් ආරම්භ කරන බස් රථ වර්ජනයක් දක්වා ක්‍රියාත්මක කරන බවයි එම සේවක සංගමය සඳහන් කළේ.

Share This