කොරියාවේ කෘෂිකාර්මික රැකියා සම්බන්ධයෙන් දැනුම් දීමක්

කොරියාවේ කෘෂිකාර්මික රැකියා සම්බන්ධයෙන් දැනුම් දීමක්

දකුණු කොරියාවේ කෘෂිකාර්මික අංශයේ රැකියා සම්බන්ධයෙන් මේ වන තෙක් අවසන් තීන්දුවක් ගෙන නොමැති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ දකුණු කොරියාවේ රැකියා අවස්ථා කඩිනමින් ලබා දීම සඳහා ඇති සෑම උත්සාහයක්ම ගන්නා බවයි.

මේ සම්බන්ධයෙන් දකුණු කොරියාවේ පාර්ශවයන් රැසක් සමග සාකච්ඡා කළ ද තවමත් ගිවිසුමකට එළඹ නැති බවයි ඔවුන් සදහන් කළේ.

Share This