හපුතලේ – බෙරගල මාර්ගය යළි විවෘත කරයි

හපුතලේ – බෙරගල මාර්ගය යළි විවෘත කරයි

ධාරානිපාත වර්ෂාව සමඟ විශාල ගල් පර්වත සමඟ පස් කඳු කඩා වැටීමත් විශාල ජල පහරක් මාර්ගය ඔස්සේ ගලා යාමත් නිසා අවහිර වූ කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගයේ හපුතලේ බෙරගල අතර ප්‍රදේශය අද (22) අලුයම වන විට යළි සම්පූර්ණයෙන්ම විවෘත කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

මෙම කොටසට තැනින් තැන ගල්පර්වත සමග පස් කඳු කඩා වැටීම නිසා වාහන ධාවනය කිරීම ඊයේ (21) පැය හතරකට අධික කාලයක් සම්පූර්ණයෙන්ම ඇන හිටියේය.

කාර්යබහුල මෙම මාර්ග කොටසේ ආ ගිය වාහන වල ගමන් ගත් පිරිස් 99 මාර්ගයේදී අනූනවයෙන් දිවි බේරා ගත් බව ප්‍රදේශවාසීහු පැවසූහ.

සෙසු කදුකර මාර්ග භාවිතා කිරීමේදී විමසිලිමත්ව රථවාහන ධාවනය කරවන ලෙසත් අවදානම් කලාපවල සිටින ජනතාව නායයාමේ පූර්ව ලක්ෂණ පිළිබඳව විමසිලිමත්ව සිටින ලෙසත් බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ එම් එල් උදයකුමාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.