අගමැති පැමිණි හෙළිකොප්ටරය ගොඩබාද්දී මාතර තානායමට හානි

අගමැති පැමිණි හෙළිකොප්ටරය ගොඩබාද්දී මාතර තානායමට හානි

අභාවප්‍රාප්ත රොනී ද මැල් ගේ අවමංගල්‍ය උත්සවයට සහභාගීවීමට ගිය අගමැතිවරයා රැගත් හෙළිකොප්ටර් යානය ඊයේ (01) මාතර කොටුව ක්‍රීඩාංගනයට ගොඩබෑමේ දී මාතර තානායමේ වහලයෙන් කොටසක් ගලවාගෙන ගොස් තිබේ.

වහළයෙන් කොටසක් සුළඟට ගැලවී යෑම හේතුවෙන් ඊයේ දිනයේ සිට අදාල සේවා සැපයිමට මාතර තානායමට නොහැකි වී ඇති අතර ආහාර විශාල ප්‍රමාණයක් අපතේ හැරීමට සිදු වූ බව මාතර තානායම පවසයි.

මෙම සිද්ධියෙන් මාතර තානායමේ ඒ අවස්ථාවේ සිටි පාරිභෝගිකයින්ට හෝ අමාත්‍යවරයා ඇතුලු කණ්ඩායමට කිසිම හානියක් සිදුවී නැති බව වාර්තා වෙයි.

අදාළ අවස්ථාවේ පැවති දැඩි සුළං හෙලිකොප්ටරය දෝෂයට ලක්වීමට හේතුවී ඇති බවයි, පොලිසිය සඳහන් කළේ.

සිද්ධියෙන් මාතර තානායමේ කළමනාකරුගේ මෝටර් රථයටද හානි සිදුව තිබේ.