ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 73 වැනි සංවත්සරය අදයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 73 වැනි සංවත්සරය අදයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 73 වැනි සංවත්සරය අදට (02) යෙදී තිබේ.

ශ්‍රී ලංකා අඹරේ ආරක්ෂකයන් ලෙස දශක හතකට අධික කාලයක් පුරා ජාතියට කළ සේවය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව අභිමානවත් ලෙස මෙම සංවත්සරය සමරනු ලැබේ.

දශක හතකුත් වසර තුනක කාලයක් මව්බිම වෙනුවෙන් වගකීම ඉටුකළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ආරම්භ සිදුවන්නේ 1972 වසරේ මාර්තු 02 වැනිදා රාජකීය ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව බවට පත් වෙමින්.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය 73 වන සංවත්සරය උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් මෙවර අභිමානවත් ලෙස සැමරීමට කටයුතු යොදා තිබේ.

එහිදී යාපනය දිස්ත්‍රික්කයේ පාසල් 73 ක යටිතල පහසුකම් සංවර්ධනය, පාසල් ළමුන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත වැඩසටහන්, විනෝද ක්‍රීඩා, දරුවන්ගේ දැනුම වර්ධනය කිරීමේ වැඩසටහන් වැනි විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මේ අතර මෙවරත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පාපැදි සවාරිය අදියර කිහිපයක් ඔස්සේ පැවැත්වීමට නියමිතයි.