ප්‍රකට ව්‍යාපාරික දියණියට පහර දීමේ සිද්ධියට මුසම්මිල්ගේ පුත්‍රයා සොයා විමර්ශන

ප්‍රකට ව්‍යාපාරික දියණියට පහර දීමේ සිද්ධියට මුසම්මිල්ගේ පුත්‍රයා සොයා විමර්ශන

කොළඹ හැව්ලොක් උද්‍යානයේ මහල් නිවාස සංකීර්ණයකදී තරුණියකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්.මුසම්මිල්ගේ පුත් මොහොමඩ් ඉෂාම් ජමාල්ඩීන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

අද අලුයම මෙම කාන්තාවට ජමාල්ඩීන් විසින් පහර දී ඇති අතර, ඇය තුවාල ලබා පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවයි , පොලිසිය පවසන්නේ.

මෙම පහරදීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව වැල්ලවත්ත පොලිසිය විමර්ශන සිදුකර ඇති අතර, කොල්ලුපිටිය සහ කැප්පෙටිපොළ ප්‍රදේශවල පිහිටි ඔහුගේ නිවෙස් පුළුල් සෝදිසි කිරීම් ආරම්භ කර තිබේ.

කෙසේ වෙතත්, ඔහු තවමත් අත්අඩංගුවට ගෙන නොමැත.

ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ දියණියක වන මෙම කාන්තාව විවාහ වී සිටින්නේ ඕස්ට්‍රේලියානු පුරවැසියකු සමග බව වාර්තා වේ.

ඒ බව අධිකරණයට දන්වා ජමාල්ඩීන්ට විදේශ ගමන් තහනමක් ද ලබාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.