පවුල් සෞඛ්‍ය සේවිකා සංගමයේ සභාපතිනිය සජබය සමග එක්වෙයි

පවුල් සෞඛ්‍ය සේවිකා සංගමයේ සභාපතිනිය සජබය සමග එක්වෙයි

රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මහත්මිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී සමගි ජනබලවේගයට සහය පළ කර තිබේ.

ඒ අනුව, ඇය සමගි ජන බලවේග සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ, ජාතික පවුල් සෞඛ්‍ය සේවා ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සහ රෝග නිවාරණ ප්‍රතිපත්ති උපදේශක කමිටුවේ විධායක සාමාජික ධූරයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.