පොලිසිය සහ සෞඛ්‍ය අංශ වෙතින් දැනුම් දීමක්

පොලිසිය සහ සෞඛ්‍ය අංශ වෙතින් දැනුම් දීමක්

අලුත් අවුරුදු සමයේ අනතුරු අවම කරගැනීම සඳහා කටයුතු කරන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දී තිබෙනවා.

කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ ප්‍රධාන හෙද නිලධාරි පුෂ්පා රම්‍යානී ද සොයිසා මෙනවිය සඳහන් කරනනේ, මගතොටේ මෙන්ම , නිවෙස් තුළ ගිනිකෙළි භාවිතයේදී සැළකිලිමත් වන ලෙසයි.

මේ අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, උත්සව සමයේ බීමත්ව රිය ධාවනයෙන් වළකින ලෙසයි.

අවුරුදු සමයේ අවුරුදු ක්‍රීඩාවල යෙදීමේදී විවිධ අනතුරු වලට මුහුණ දීමේ ඉඩකඩ පවතින බැවින් ප්‍රවේසම් අයුරින් එම ක්‍රීඩා නිරත වන්නැයි පොලිසිය ජනතාවට දැනුම් දෙයි.