අමෙරිකාවේ රහස් ලේඛන අන්තර්ජාලය ට නිකුත්කළ සැකකරු අත්අඩංගුවට

අමෙරිකාවේ රහස් ලේඛන අන්තර්ජාලය ට නිකුත්කළ සැකකරු අත්අඩංගුවට

අමෙරිකානු රහස් ලේඛන රැසක් අන්තර්ජාලය ට නිකුත්කළ බවට සැකකෙරෙන පුද්ගලයා ව මැසචුසෙට්ස් හිදී එෆ් බී අයි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පුද්ගලයා 21 හැවිරිදි ගුවන් හමුදාවේ ජාතික ආරක්ෂක බලකායේ සාමාජිකයෙකු බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රහසිගත ආරක්ෂක තොරතුරු සම්ප්‍රේෂණය කිරීමේ සහ ඔත්තු බැලීමේ අපරාධ පනත යටතේ ඔහුට එරෙහිව චෝදනා ගොනු කරන බව අමෙරිකානු බලධාරින් සඳහන් කළේ ය.

පසුගියදා අන්තර්ජාලයට මුදාහැර තිබූ එම රහස්‍ය දත්ත හරහා අමෙරිකාවේ මිත්‍රපාර්ශවීය රටවල මෙන්ම ප්‍රතිවිරුද්ධ මතධාරී රටවල යුද උපක්‍රම ඇතුළු රහස්‍ය තොරතුරු රැසක් අනාවරණ විය.

එම තොරතුරු නිකුත් කිරීම හේතුවෙන් ඇමෙරිකාව සහ මිත්‍ර රටවල් අතර ද මේ වන විට දැඩි අර්බුදයක් ඇතිවී තිබේ.

ඔහුව ඩයිටන්, මැසචුසෙට්ස් හි ඔහුගේ නිවස ආසන්නයේදී අත්අඩංගුවට ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයේ සංසරණය වෙයි.