හරින් ප්‍රනාන්දුට වහාම ඉල්ලා අස්වෙන්නැයි විරෝධතාවක්

හරින් ප්‍රනාන්දුට වහාම ඉල්ලා අස්වෙන්නැයි විරෝධතාවක්

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් පසුගියදා ඉන්දියාවේදී කළ ප්‍රකාශයකට එරෙහිව සිවිල් සංවිධාන කිහිපයක් සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය ඉදිරිපිට අද (20) පෙරවරුවේ විරෝධතාවයක නිරත විය.

හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ඉන්දියාවේදී සංචාරක කර්මාන්තය වෙනුවෙන් කළ ප්‍රකාශයක ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවත් ශ්‍රී ලංකාවේ ඉඩම් විදෙස් රට වලට දිය යුතු බවට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වී තිබේ.

එහිදී ඔවුන් කියා සිටියේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හැටියට හරින් ප්‍රනාන්දු මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ප්‍රකාශ සිදුකර ඇති බවයි.

ඒ අනුව, හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා වහාම ඉල්ලා අස්විය යුතු බවත් එසේ නොවුනොත් සිවිල් සංවිධාන දිගින් දිගටම විරෝධතා සිදු කරන බවත් ඔවුන් කියා සිටියේය.