විදුලි බිල ගැන ඇමතිගෙන් සතුටු හිතෙන ආරංචියක්

විදුලි බිල ගැන ඇමතිගෙන් සතුටු හිතෙන ආරංචියක්

විදුලි බිලට මුලින් කී සහනයට වඩා වැඩි සහනයක් ලබාදීමට බලාපොරොත්තු වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.

ගාස්තු සංශෝධනය පිළිබඳ යෝජනාව විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාවට අද හෝ හෙට ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

එහිදී කංචන විජේසේකර අමාත්‍යවරයා මෙසේද පැවසීය.

විදුලි බල විදුලි බිල සංශෝධනය කළ යුතුයි කියලා කැබිනට් මණ්ඩලය තීරණයක් ගත්තා.

ඒ අනුව විදුලි බල මණ්ඩලය ඔවුන්ගේ යෝජනාව මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ලබා දීලා තියෙනවා.

විදුලි බිල ගැන යෝජනා ඉදිරිපත් කරන්න කියලා විවිධ පාර්ශවලින් ඉල්ලීමක් කළා. විපක්ෂ නායක ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් ආරාධනා කළා.

නමුත් එදින සහභාගී වෙන්න බැරි බව ඔවුන් දැනුම් දීලා තිබුණා. විවිධ පාර්ශව සම්බන්ධ වුණා. විදුලි බල ක්ෂේත්‍රයේ හතළිහකට වැඩි පිරිසක් සහභාගි වුණා. ඔවුන් යෝජනා දුන්නා.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවත් මහජන අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාව දුන්නා. සංශෝධනය කරපු විදුලි ගාස්තු අය ක්‍රමය පිළිබඳ යෝජනා බදාදා හෝ බ්‍රහස්පතින්දා ලබාදීමට විදුලි බල මණ්ඩලය කටයුතු කරාවි.

මීට පෙර බලාපොරොත්තු වුණාට වඩා අඩු කිරීමක් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. යෝජනාව මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඉදිරිපත් කරනවා. කොමිසම ඊට පස්සේ ඒ ගැන තීරණයක් ගනීවි.

Share This